මෘදුකාංග නිදහස් දිනය 2008

ලංකා ලිනක්ස් පරිශීලකයන් ගේ සමූහය හා නිදහස් හා විවෘත මෘදුකාංග පරිහරණය කරන පිරිස් එක්ව පස් වන චරට ත් ලොව පුරා සමරණු ලබන "මෘදුකාංග නිදහස් දිනය" 2008 සැප්තැම්බර් මස 20 වෙනි දින සමරණ ලදී. මෙම දිනය හා බැදුණු විවිධ වැඩමුළු සම්මත්‍රණ ආදිය කොළඹ හා මාතර යන දිස්ත්‍රික්කයන්හි පැවැත්වින. මෙම වැඩසටහන් දියත් කරීම ට නොයෙකුත් ආයතන වලින් මෙන්ම නිදහස් හා විවෘත්ත මෘදුකාංග පිළිබඳ උනන්දු වන පිරිස් වල නොමසුරු දායකත්වය ලැබී ඇත. මෙම වැඩමුලු හා සම්මණ්ත්‍රණ සැප්තැම්බර් මස 17 සිට 21 දක්වා පවත්වා ඇත.


වැඩමුලු හා සම්මණ්ත්‍රණ පැවැත්වූ ස්ථාන.
  • කොළඹ සරසවි පරිගණක පාසැල, කොළඹ.
  • ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය, මාලඹේ.
  • ව්‍යාපාර කලමාණාකරනය පිළිබඳ ජාතික ආයතනය, කොළඹ 7.
  • ඉන්ෆොමැටික්ස් ආයතනය, කොළඹ.
  • රුහුණු සරසවිය, මාතර.
  • ඕල්කට් විදුහල, ගාල්ල.

පිංතූර

ජාත්‍යන්තර මෘදුකාංග නිදහස් දිනය සාර්තකව සැමරීම ට සහාහ දුන් සැමට තුති!